කුඩා ව්‍යාපාරික අළෙවි ප්‍රදර්ශනය (ව්‍යවසාය 2012 )

, by Sri Lanka Youth News


අළෙවි ප්‍රදර්ශනය 15-03-2012 දින බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේදී ආරභවිය.මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් ආර්ථික සංවර්දන අමාත්‍යය ගරු බැසිල් රාජපක්ෂ මැති තුමා සහභාගී වූ අතර යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප් පෙරුම,නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානයක යන මහත්වරු එම අවස්තාවට සහභාගි වූහ.15 දින ආරම්භ කෙරුනු මෙම ප්‍රදර්ශනය 15,16,17 යන තෙදින පුරා පැවැත් වීමට නියමිතය.
රෙදිපිළි හා නිමි ඇදුම් රූපලාවන්‍යය,ආහාර ද්‍රව්‍යය,අත්-කම්,සූප-ශාස්ත්‍ර,කාර්මික අමුද්‍රව්‍ය මෙම ප්‍රදර්ශනයට ඇතුලත්ය.මේ සඳහා මධ්‍ය පරිමාණ කුඩා ව්‍යවසායකින් 300 දෙනෙක් පමණ තම නිශ්පාදන හා නිර්මාණ ඉදිරිපත් කර ඇත.



0 comments: