, by Sri Lanka Youth News


මිහිතල මිතුරන් ගෙන් පාරිසරික කඳවුරක්...............


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සොබාසවිය ළමා සමාජය හා තරුණ සමාජය ඒකාබද්ධව එහි කි‍්‍රයාකාරී සාමාජිකයින් සඳහා පැවැත්වූ දෙදින පාරිසරික කඳවුරක් 2011 නොවැම්බර් 9 සහ 10 යන දෙදින තුළ හොරණ, ඔළබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී පැවැත්විණි. කළුතර දිස්ති‍්‍රක්කයේ යෝජිත ප‍්‍රථම අභයභූමිය වන කොඩිගහකන්ද වනපෙත ආශි‍්‍රතව පැවති මෙම පාරිසරික කඳවුර සඳහා 50 ක පමණ පිරිසක් සහභාගිවිය. 9 වන දා රාති‍්‍රයේ පැවති ගිනි මැල සංදර්ශනය නැරඹිමට විශාල ජනකායක් සහභාගි වූ අතර දරුවන්ගේ විවිධ දක්ෂතා එළි දක්වමින් නාට්‍ය, ගීත. නැටුම් ඇතුළත් ප‍්‍රසාංගික අත්දැකීමක් ඔවුනට අත්විදීමට හැකිවිය.

කළුතර දිස්ති‍්‍රක්කයේ යෝජිත ප‍්‍රථම අභයභූමිය වන කොඩිගහකන්ද වනපෙත ආශි‍්‍රතව පැවති මෙම පාරිසරික කඳවුර සඳහා 50 ක පමණ පිරිසක් සහභාගිවිය. 9 වන දා රාති‍්‍රයේ පැවති ගිනි මැල සංදර්ශනය නැරඹිමට විශාල ජනකායක් සහභාගි වූ අතර දරුවන්ගේ විවිධ දක්ෂතා එළි දක්වමින් නාට්‍ය, ගීත. නැටුම් ඇතුළත් ප‍්‍රසාංගික අත්දැකීමක් ඔවුනට අත්විදීමට හැකිවිය.


නොවැ.10 වන දා වනාන්තරයේ ජෛව විවිධත්ව අධ්‍යයනයට යොමුවූ ඔවුහු ඒ හරහා විවිධ කි‍්‍රයාකාරකම් වල නිරත වෙමින් පරිසරය හා සොබාදහම පිළිබඳව දැණුම හා ආකල්ප වර්ධනය කරගත්හ. එමෙන්ම පාරිසරික වික‍්‍රමාන්විත කි‍්‍රයාවල නිරතවෙමින් නවමු අත්දැකීමක් අත් විඳිමටද ඔවුනට අවස්ථාව උදාවිය. 


පරිසර සංවිධාන සහ පොදුවේ පරිසරයට ආදරය කරන පිරිස් සඳහා පාරිසරික කඳවුරු කොඩිගහකන්ද ජෛව විවිත්ව මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන බව මිහිතල මිතුරෝ සංවිධානයේ සභාපති කේ.මුණගම මහතා අපට පැවසීය. අවශ්‍ය විස්තර 0713496971 -0719042740 දුරකථන ඇමතීමෙන් මගින් ලබා ගත හැකිය.


0 comments: