::::ටයිටැනික් 3D තාක්ෂණයට::::

, by Sri Lanka Youth News


1997 වසරේදි ලොවපුරා ජනප්‍රිය වූ ටයිටැනික් චිත්‍රපටයේ 3D තාක්ෂණයට පරිවර්තනය කර 2012 වසරේ අප්‍රේල් 6වැනි දින තිරගත කිරිමට‍ සැලසුම් කර ඇත. පසුගියදා එහි මිනිත්තු 18ක කොටසක් සිනමා අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ තෝරාගත් ආරාධිතයින් පිරිසකට ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වේ.


මෙම චිත්‍රපටය 3D තාක්ෂණයට පරිවර්තනය කිරිම සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 18ක් වන අතර ජේම්ස් කැමරන් පැවසුවේ තමා ටයිටැනික් චිත්‍රපටය නිර්මාණය කළ වකවානුවේ 3D කැමරා සහ 3D සිනමාහල් තිබුණේ නම් ටයිටැනික් චිත්‍රපටය නිසැකවම 3D චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන බවයි.

0 comments: