ෆිල්ම් සවුත් ඒෂියා-Film South Asia in Colombo
කොළඹදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු වාර්තා වැඩසටහන් උළෙලේදී දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන සිනමා නිර්මාණ දැක්මක් එළි දැක්වීට සියලූ වැඩ කටයුතු සම්පාදනය වී තිබෙනවා. ආසියානු උප මහද්වීපයටම උරුම වූ යම් යම් ආකර්ෂණීය මාතෘකා සහ තේමාවන්, ප්‍රදර්ශනාත්මක ශෛලීයෙන් සහ නව තාක්ෂණයන් ගෙන් අනූන නිර්මාණ නියැදියක් ලෙස පේ්රක්ෂකයන්ට දැකබලා ගැනීමට කලාතුරකින් හිමිවන අවස්ථාවක් ලෙස මෙම සිනමා උළෙල හැඳින්විය හැකියි.
ෆිල්ම් සවුත් ඒෂියා 1997 සිට කත්මන්ඩු නුවර වසර දෙකකට වරක් පැවැත්වෙන විශිෂ්ට නිර්මාණ උළෙලක්. තරඟකාරීත්වය මෙහි ඇති සුවිශේෂම ලක්ෂණයක්. කෙළඹදී පැවැත්වීමට නියමිත . ෆිල්ම් සවුත් ඒෂියා ප්‍රත්‍යාවලෝකන නිර්මාණ උළෙලට මින් පෙර පැවැත්වු සම්මාන උළෙලවලදී ගෞරව සම්මානයට පාත්රවු විශිෂ්ට වාර්තා වැඩසටහන් අතුළත් වන අතර එය 2011 වසරේ ඔක්තෝබර් මස 20, 21. 22 යන තෙදින පුරා බොරැල්ල පුංචි තියටර් හි නොමිලේ මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.
මෙම උළෙලේ සංවිධාන කටයුතු ඉන්දියා - ශී‍්‍ර ලංකා පදනමේ සහයෝගයෙන් යංග් ඒෂියා ටෙලිවිෂන් ආයතනය හා ෆිල්ම් සවුත් ඒෂියා ලේකම් කාර්යාලය එක්ව සිදුකෙරෙනු ඇත.
ෆිල්ම් සවුත් ඒෂියා හි කොළඹ පැවැත්වෙන ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මේ අරමුණ වන්නේ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව , බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය යන රටවල සමාජ , සංස්කෘතික දේශපාලනික කටයුතු සහ දකුණු ආසියානු කළාපයට ආවේණික අනෙකුත් දේ පිළිබඳ ගවේෂණයයි. ෆිල්ම් සවුත් ඒෂියා හි කොළඹ ප්රත්යාවලෝකනයේදී ලේකම් ලෙස කටයුතු කරන කනක් මානි ඩික්සිත් පවසන්නේ තොරතුරු, ප්‍රබන්ධයට වඩා ශක්තිමත් බවයි, එය බොහෝ පිරිසක් ආකර්ෂණය කරගන්නවා යන්නයි. ඩික්සිත් මහතා විශ්වාස කරන්නේ ජනතාව වෙත යථාර්ථය පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන්, පෙළඹවීමෙන් සහ විනෝදාස්වාදය සැපයීමෙන් සමාජයේ වෙනසක් ඇති කළ හැකි හොඳම මාධ්‍ය වාර්තා වැඩසටහන් බවයි.
ෆිල්ම් සවුත් ඒෂියා හි කොළඹ ප්‍රත්‍යාවලෝකනය, බොරැල්ල පුංචි තියටර් හිදී 2011 වසරේ ඔක්තෝබර් මස 20 වන දින සවස 2 සිට 6 දක්වා සභ 21, 22 යන දිනයනි හී උදෑසන 10 සිට සවස 6 දක්වා පැවත්වීමය සියලූ කටයුතු සමිපාදනය කර ඇත.
ආරම්භක උළෙල් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ගරු ඉන්දීය මහා කොමසාරිස් අශෝක කේ. කාන්තා මහතා සහභාගී වනු ඇත.
0 comments:
Post a Comment