ටයි මහත්තයා සමුගනී!
ජාතික රූපවාහිනී සංස්ථාවේ හ`ඩකැවීම් ඒකකය පිහිටුවීමේ පුරෝගාමියා වූ ටයිටස් තොටවත්ත මහතා පෙරේදා 15 රාත්රියේදී අභාවප්‍රාප්ත විය.ඔහු මිය යන විට 82 වැනි වියෙහි පසුවිය.
1982 වසරේ රූපවාහිනියට බැ`දුණු ඔහුගේ වෘත්තිය වූයේ සංස්කරණ ශිල්පයයි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "රේඛාව" චිත්‍රපටයෙන් තොටවත්ත මහතා සිනමාවට පිවිසියේ ය.තවද පරසතු මල්,ගැටවරයෝ,තුංමං හංදිය,සංදේශය,ගම්පෙරළිය,යන චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා වූයේ තොටවත්ත මහතාය.”චණ්ඩියා” චිත්‍රපටය හරහා ඔහු චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසියේය.හාරලක්ෂය,මරුවා සමග වාසේ,තෙවත, සහ හ`දයා ඔහු අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපට කිහිපයකි,මෙරට නිපදවූ ප්‍රථම ළමා චිත්‍රපටය වන 'හ`දයා' තොටවත්තයන්ගේ නිර්මාණයක් වන අතර 1979දී එය ලොව විශිෂ්ටතම ළමා චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.
මෙම අග්‍රගන්‍ය කළාකරුවාගේ අවසන් කටයුතු ලබන බදාදා(19)බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
0 comments:
Post a Comment