තරුණ හුවමාරුවේ යාපනය තරුණ කන්ඩායමට උණුසුම් පිළිගැනිමක්

, by Sri Lanka Youth News


 දේශීය තරුණ හුවමාරු වැඩ සටහන යටතේ සංවිධානය කොට තිබු උතුරු දකුණු මිත‍්‍රත්ව වැඩ සටහන වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ  විලේගොඩ ගමිමානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි. ඒ සදහා යාපනය දිස්ත‍්‍රික්කයේ යෞවන සමාජ තරුණයන් 50 දෙනෙකු සහභාගිවු අතර ඔවුන් වැලිගම ප‍්‍රාදේශීය සභාවේදි හා විලේගොඩ ගමිමානයේදි මෙම තරුණ කන්ඩායම උණුසුමි අන්දමින් පිළිගනු ලැබූහ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා  වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පිළිගැනිමේ උත්සව සංවිධානය කොට තිබුණි.


මෙම තරුණ කන්ඩායමේ සහභාගිත්වයෙන් විලේගොඩ ඉතා දුෂ්කර මාර්ගයක් ප‍්‍රතිසංස්කරණය කිරිමද සිදු කල අතර  යාපනය හා මාතර දිස්ත‍්‍රික්කයේ තරුණ කන්ඩායම් අතර සුහද ක‍්‍රිකට් තරගයක්ද පැවත්විනි. මෙම තරුණ හුවමාරු වැඩ සටහනේදි මාතර දිස්ත‍්‍රික්කයේ විවිධ කාර්මාන්ත ශාලා නැරඹිමේ අවස්ථාවද මොවුනට උදා වූහ. කතරගම ඇතුළු ආගමික හා වැදගත් ස්ථාන නැරඹිමෙන් අනතුරුව වැලිගම ලොඞ්ස්ටාර් කාර්මාන්ත ශාලාවේ පැදුරු පාටිය යාපනය තරුණ කන්ඩායමට නවමු අන්දැකිමක් වූහ. 
තවත් විස්තර සහ සේයා රූ පහතින්



යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සුහද හමුවක්ද පැවත්වුනු අතර එහිදි අමාත්‍යතුමන් යාපනය තරුණයන් හා අදහස් හුවමාරු කර ගත්තේය. මෙම තරුණ කන්ඩායම නේවාසිකව සිටි නිවාසවල බොහෝ ලෙන්ගතු කමින් කාලය ගත කල අතර මෙම ගම්මානයෙන් ඔවුන් නික්ම ගියේ නොබෝ දිනකින්ම නැවත ගම්මානයට පැමිණිමේ  අපේක්ෂාවෙනි.
ඌව ගුවන් විදුලිය තුලින් විකාශනයවු පැදුරු පාටියට ගීගයන උතුරේ තරුණයෙක්
මේ තවත් උණුසුමි පිළිගැනිමක් ලෝඩිස්ටාර් කාර්මාන්ත ශාලාවේදි
විලේගොඩ ගමිමානයේදි උණුසුමි පිළිගැනිමක්
ගරු අමාත්‍යතුමන් සභාව අමතන මොහොතේ
ලැබුනු විවේකය තුල බුදුරුවක කැටයමක් නිර්මාණය කරන උතුරේ තරුණයෙක් එය සමුගන්නා මෙහොතේ තමා නැවති සිටි නිවසේ මිතුරාට තිළිණකරන්නට අමතක කලේ නැහැ
මහත් හරසරින් පිළිගෙන ගමිමානයට කැදවා ගෙන පැමිණිම

0 comments: