තහනම් මල කොළඹට එන අලුත්ම ක්‍රමය
ගංජා යනු සාමාන්‍ය භාවිතයට තහනම් වූ, වෙදකමේදී භාවිතයට ගන්නා ලොකු පොඩි පන්තීන් අතර ජනප්‍රිය වූ මත්ද්‍රව්‍යයකි.වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධයක් වුවද, මත්ද්‍රව්‍යක් ලෙස භාවිතයේදී ප්‍රතිපල භයානකය.ගංජා වල වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම හා එහි ඇති බියකරු කම ගැන සටහන් කිරීමක් නොවෙයි මේ. නමුත් මේ සැරසෙන්නේ ගංජා කොළඹට ගෙනෙන අලුත්ම ක්‍රමය ගැන පුංචි සටහනක් තැබීමටයි.
නීතියෙන් තහනම් වූ ගංජා විවිධ ක්‍රම ඔස්සේ දිවයිනේ ඕනෑම නගරයකදී විවිධ මිළ ගණන් යටතේදී මිළදී ගැනීමට හැකියාව ඇත.එසේ මිළදී ගැනීමට හැකියාවක් ඇති ගංජා දිවයින පුරා නීතියට හොරෙන් බෙදි හැරීමට සූක්ෂම උපක්‍රම භාවිත කරයි.කුමන උපක්‍රම භාවිත කළත් කලින් කලට භාවිත කරන උපක්‍රම නීතියේ රැහැනට කොටුවේ.නීතියට හසුවන්න හසුවන්න ගංජා බෙදාහරින ව්‍යාපාරිකයින් තම උපක්‍රම වෙනස් කරයි.වැඩි වශයෙන් ගංජා හේන් පිහිටා ඇත්තේ උඩවළව, තණමල්විල, ඇල්ල, වැල්ලවාය හා ලංකාවේ දකුණු දිග හා ඌව පළාතේ වනාන්තර ආශී‍්‍රතවයි.
මේ අපට දැනගැනීමට ලැබුණු ගංජා කොළඹට ප්‍රවාහනය කරන එක් උපක්රමයකි.තණමල්විලෙන් කොළඹට ප්‍රවාහනය අරඹන ගංජා බදුල්ල ,කුරුණෑගල, පුත්තලම, හලාවත හරහා වටරවුම් මාර්ගයක් ඔස්සේ කොළඔට පැමිණේ. ලංකාවේ දකුණු හා ඌව පළාතේ සිට සාමාන්‍යයෙන් කොළඔට පැමිණෙන මාර්ග මගහැර, ආරක්ෂක අංශ මගහැර කොළඔට ගංජා ප්‍රවාහනය කරයි.
බොහෝවිට මේ ගංජා බෙදා හැරීමට වැඩි වශයෙන් යොදා ගන්නේ කාන්තාවන්ය.මෙම කාන්තාවන් අත, ළදරුවකු සිටින අතර ගංජා සූක්ෂම ලෙස අසුරා තිබෙන්නේ දරුවා නිදි කිරීමට භාවිතා කරන කුඩා මෙට්ට පතුලේය.එසේ සූක්ෂම ලෙස පැමිණෙන ගංජා දිගු ගමණකින් පසු මල් ජොයින්ට් පැට්ටා සූස්ති ආදී විවිධ නම් ලබමින් නීතියට හොරා අළෙවි වෙයි.මේ එක් ක්‍රමයක් පමණි.මෙවැනිම උපක්‍රමශීලී ක්‍රම තවත් නැතුවාම නොවේ.ඒවා පිළිබද සොයා බැලීම නීතිය රකින ඇත්තන්ගේ වගකීමකීමකි. මේ එයට පුංචි හෝඩුවාවකි.
@චාරක මධුරජීව
0 comments:
Post a Comment