ශ්‍රී ලංකාව සකස් කළ ‘Lies Agreed Upon’ වාර්තා වීඩියෝ පටය අද ප්‍රදර්ශනය කෙරේ.
යුද අපරාධ සිදුකළ බවට චැනල් 4 නාලිකාව මඟින් ශ්‍රී ලංකාවට එරෙහි ව විකාශය කරන ලද වාර්තා වැඩසටහනට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව සකස් කළ ‘Lies Agreed Upon’ වාර්තා වීඩියෝ පටය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ප්‍රදර්ශනය කෙරේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය සිදුකළ ම්ලේච්ඡ ඝාතන සහ මානව විරෝධී ක්‍රියාවන් ද ඔවුන් සිදුකළ ඇතැම් ක්‍රියා රජයේ හමුදා සිදුකළ බවට චැනල් 4 වාර්තා පටයෙන් හුවා දැක්වෙන බව ද සනාථ කරන දර්ශන ඇතුළත් මේ වීඩියෝ පටය පසුගිය දා නිකුත් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ‘Lies Agreed Upon’ වාර්තා වැඩසටහන අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද රාජ්‍ය තාන්ති‍්‍රකයන්ට ආරාධනා කර තිබේ.
වාර්තා වැඩසටහන විකාශය කිරීමෙන් පසුව ඒ සම්බන්ධ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ද පාලිත කොහොන සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරු සූදානමින් සිටිති.
0 comments:
Post a Comment