(දේශීය:-) පයින් යෑම සම්පූර්ණයෙන්ම තහනම්!

, by Sri Lanka Youth News


දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එහි පයින් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ පිළිබඳව දැක්වෙන මාර්ග සංඥා පුවරු සෑම පිවිසුම් මාර්ගයක් අසලම සවි කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.


මෙම මාර්ගයේ ත‍්‍රීරෝද රථ, පාපැදි,  කරත්ත හා පස් කපන යන්ත‍්‍ර මෙන්ම අත් කරත්ත, විල්බැරෝ වැනි අතින් තල්ලූ කරගෙන යන කිසිවක් ඇතුළු කිරීමද තහනම් කර ඇත. මීට අමතරව කිසිදු සතෙකුට ඇතුළු වීමට නොහැකි වන ලෙස මාර්ගය දෙපස දැල්ගසා ආවරණය කර ඇතැයිද එම අධිකාරිය කියයි.


මෙම නීතිය නොතකා කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.ඒ සඳහා සෑම පිවිසුම් මාර්ගයක් අතරම පොලිස් ජංගම සේවයක්ද මාර්ග සංවර්ධන අධිකාරියේ මුර සංචාරක සේවාවක්ද පුය 24 පුරාම ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

0 comments: