වෘත්තීය පුහුණූවට ඕස්ටේ‍්‍රලියා රජයේ සහය

, by Sri Lanka Youth News





සංවර්ධනයට මුහුණදීමට අවශ්‍යය අන්තර් ජාතික ප‍්‍රමිතියෙන් යූත් ශිල්පීන් පුහුණු කිරීම උදෙසා  ඕස්ටේ‍්‍රලියානු රාජ්‍යයේ බොක්ස්හිල් වෘත්තීය පුහුණූ ආයතනය මේ වන විටත් ඉදිරිපත් වී  ඇත.
පසුගිය 25 පෙරවරුවේ මෙල්බොන්හි බොක්ස්හිල් වත්තීය පුහුණු ආයතනයේ විධායක කළමණාකරුවන් වන ජෙම්ස් ස්ටැෆර්ඞ් හා ජැරඞ් බෙල්චර් යන මහත්වරුන් මෙන්ම ශී‍්‍ර ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයේ ව්‍යාපාර සංවර්ධන අංශයේ  නියෝජ්‍යය කළමණාකාර ඬේවිඞ් සැමුවෙල් මහතා සම`ග යෞවන කටයුතු නිපුණතා සංවර්ධන ගරු නියෝජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඉහත ව්‍යාපතියට අදාළ වත්තීය පුහුණු කටයුතු සම්බන්ධව ව්ශේෂ සාකච්ඡවක් පවතවනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමත් සමගම  ඕස්ටේ‍්‍රලියා රජයේ අධික්ෂණය  යටතේ මෙරටදී පැවැත්වෙන තෝරාගත් පාඨමාලා ස`දහා  ඕස්ටේ‍්‍රලියා ප‍්‍රතීතකරණය සහ සහතික හිමිවන අතර ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් සදහා  ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්තයේ රැකියා වෙළ`ද පොළෙහි ඉඩ ප‍්‍රස්ථා විවෘත වනු ඇත එසේම රූපලාවන්‍යය හා කොණ්ඩා කැපීම මෙන්ම හෝටල් ආශි‍්‍රත කර්මාන්තයන්හි රැකියා ඉඩ ප‍්‍රස්ථා බොහෝමයක් තිබෙන බව බොක්ස්හිල් ආයතනයේ උසස් නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.
මේ වන විටත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සංවිධානය කරන අන්තර් ජාතික තරුණ සංවිධාන සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීම පිණිස එක්සත් ජනපදයට ගොස් තිබෙන අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා අගෝස්තු මස 02 වන දින දක්වා වැඩ බලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

0 comments: