ෆේස්බුක් වීඩියෝ කෝල් හඳුන්වාදෙයි
ෆේස්බුක් හා ස්කයිප් අත් වැල් බැඳ ගැනීමෙන් අනතුරුව ෆේස්බුක් සඳහා අලුතෙන් වීඩියෝ කෝල් පහසුකම එකතු වී තිබෙනවා.
ඔබ සුපුරුදු පරිදි මිතුරෙකුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකකට පිවිසි විට උඩින් දක්නට ලැබෙන Poke හා Message යන බට්න් දෙකට අමත්රවCall යන්නත් දිස්වේවි.
ඔබ ඒ මගින් ඔබේ මිතුරාට ඇමතුමක් ගත් විට මිතුරාගේ ෆේස්බුක් තිරයේ පණිවිඩයක් දිස්වේවි ඇමතිමAccept හෝ Reject කිරීමට. මිතුරා ඇමතුම සමඟ සම්බන්ධ වූ විට ඔබට පහසුවෙන්ම වීඩියෝ චැට් එකක නිරත විය හැකියි.
මේ සියල්ලම සඳහා අවශ්‍ය වන්නේ පුංචි ප්ලගින් එකක් එක් වරක් ස්ථාපනය කර ගැනීම පමණයි.
ඇත්තෙන්ම ඔබට වීඩියෝ කෝල් එකක් ගැනීමට මිතුරාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකටම යාම අවශ්‍ය වෙන්නේ නෑ.ෆේස්බුක් චැට් ලිස්ට් එකෙන් එක් අයෙක් තෝරාගත් විට එම මිතුරාට වීඩියෝ කෝල් එකක් ගැනීමට පුංචි අයිකනයක් චැට් කොටසේම අන්තර්ගතයි.
යම් හෙයකින් ඔබේ වීඩියෝ Call එකට මිතුරා ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ෆේස්බුක් ඔබට පහසුකම් සලසාදේවි වීඩියෝ මැසේජ් එකකින් ඔවුන්ව ඇමතීමට.
දැන් ඔබට සිතෙනවා ඇති මේ ආකාරයෙන් ඇමතුම් ගැනීමට තමන්ට ස්කයිප් ගිණුමක් අවශ්‍ය බව.මෙම සේවාවේ ඇති වැදගත්ම කාරණය නම් මෙයයි. මේ සේවාව ලබා ගැනීමට ඔබට කිසිදු ආකාරයකින් ස්කයිප් ගිණුමක් අවශ්‍ය වන්නේ නෑ. එසේම ඔබට ස්කයිප් ගිණුමක් තිබ්බත් එයට කිසිම ආකාරයකින් හෝ සම්බන්ධ වන්නේත් නෑ.ඔබගේ පෞද්ගලිකත්වට ආරක්ශිතයි.
තවත් වැදගත් දෙයක්නම් මෙම සේවාව ආරම්භ වන්නේ Google+ ,Hangout නමින් වීඩයෝ චැට් අන්තර්ගත සේවාවක් හඳුන්වා දීමෙන් සතියකට පසුවයි.ෆේස්බුක් හා ස්කයිප් එකත්ව ඉදිරියේදී මුදල් ගෙවා ලබාගන්නා සේවා කිහිපයකුත් හඳුන්වාදීමට නියමිතයි.
ෆේස්බුක් වීඩියෝකෝල් ඇක්ටිව් කරගැනීමට පහත සබැඳියෙන් යන්න.
http://www.facebook.com/videocalling
0 comments:
Post a Comment