නගර සභාවේ බළලෙක්.....
කොළඹ මහ නගර සභාවේ ආදායම් අංශයේ සිටිනවා යැයි කියන මිනිසුන් සපාකන බළලෙකු එම අංශයේ සේවිකාවක පසුගිය 28 සපා කා ඇතැයි වාර්තා වේ.
ඇගේ කකුලේ ඇගිලි තුනක් මෙම බළලා විසින් සපා කා ඇති අතර විනාඩි කීපයක් ගතවනතුරුත් ඇයට බළලාගේ කටින් කකුල මුදා ගන්නට නොහැකිවී ඇතැයි ද පැවසේ.
බළලාගෙන් ඇගේ කකුල මුදා ගැනීමට එහි සිටි සේවකයන් විශාල පරිශ්‍රමයක් දරා ඇතැයි ද වාර්තා වේ.
පසුව ඇය වහාම කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ගෙනගොස් ඇති අතර, එහි ඇයට ප්‍රතිකාර කිරීමට බෙහෙත් නොතිබූ බවද පැවසේ.
වෛද්‍යවරු කියා ඇත්තේ එහි තිබෙන්නේ පිස්සු බල්ලන් සපාකෑ අයට විදින බෙහෙත් පමණක් බවය.
පසුව වෛද්‍යරුන් බෙහෙත් වර්ගයක නමක් ලියා දී එය පිටින් රැගෙන එන ලෙස ඔවුනට දන්වා ඇති අතර,එම බෙහෙත සඳහා රුපියල් 25,000ක් වැය කිරීමටද හිතවතුනට සිදු වී අතැයි වාර්තා වේ.
එම බෙහෙත විදීමට පෙර ලෙඩාට ජීවිත අවදානමක් වුවහොත් රෝහල වගකීම් භාර නොගන්නා බව පැවසෙන ලියවිල්ලකට අස්සන් කිරීමටද ඔවුනට සිදුවී ඇත.
මෙම යෝධ බළලා මීට පෙරද එහි සේවක සේවිකාවන් මෙන්ම එම අංශයෙන් සේවය ලබා ගන්නා කීප දෙනෙකු අවස්ථා කීපයකදී සපා කා ඇති බවද පැවසේ.
0 comments:
Post a Comment