ආචාර්ය ඉශාන්ත සිරිබද්දන යෞවනයන් උදෙසා කළ සේවය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි...
ශ්‍රී ලංකාවේ යෞවන පරපුරේ, මානව ශක්‍යතා අභිවෘද්ධිය උදෙසා ඉටු කළ මෙහෙය වෙනුවෙන්, ජාවා සහ තාක්ෂණ අධ්‍යයන ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ඉශාන්ත සිරිබද්දන, පසු ගිය දා ”විශ්වීය පුරවැසියන්ගේ යොවුන් සේවා” සම්මානයෙන් පිදුම් ලැබී ය.
ඉන්දියාව කේන්ද්‍ර කර ගත් ”තිරසාර සංවර්ධනයක් සඳහා වන ගෝලීය සංවිධානය” මෙම සම්මාන ප්රදානය සංවිධානය කරනු ලබයි. පසු ගිය විසි දෙ වන දා (මැයි 22) 2011 ඉන්දු-ශ්‍රී ලංකා සංසදයේ සහ ශ්‍රී ලංකා-එක්සත් ජාතීන්ගේ සංගමයේ 12 වන සංවත්සරයට සමගාමීව පැවැත් වූ උළෙලේ දී ඉශාන්ත සිරිබද්දනයන්ට මෙම සම්මානය ප්රදානය කෙරුණි.
ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර සවි බල ගැන්වීම උදෙසා, ජාවා තාක්ෂණය උපයෝගී කර ගැනීම වෙනුවෙන් සම්මානිත ආචාර්ය ඉශාන්තට ”Sri Lanka Youth” හි අපි ත් සුභාසිංශන එක් කරමු.
0 comments:
Post a Comment