සිසුන්ගේ පුහුණු වැඩසටහනට දැනටමත් මිලියන 90ක් වියදම්ලූ..
විශ්ව විද්‍යාල නවක සිසුන් සඳහා ආරම්භ කිරීමට යෝජිත පුහුණු පාඨමාලාව සඳහා දැනටමත් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිසුන් දස දහසකට හමුදා පුහුණු කඳවුරුවලදී මෙම පුහුණුව ලබාදීමට නියමිත වන අතර මේ සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 200 ක් වෙයි.
අදාළ පුහුණු පාඨමාලාව හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිතය. අසනීප,විභාගවලට පෙනී සිටීමට නියමිත සිසුන් හැර සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාඨමාලාවට සහභාගි විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි. මෙම පුහුණුවෙන් පසු ඉංගී්රසි සහ තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ පුහුණුවක්ද ඔවුන්ට ලබා දීමට නියමිතය.
මෙම පුහුණු පාඨමාලාවට එරෙහිව අධිකරණය කළ නියෝගය මෙතෙක් ලැබී නොමැති බවද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අදාළ පෙත්සම් විභාගයේ විත්තිකරුවන් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශ නියෝජිතයන් අධිකරණයට කැඳවා නොමැති බව අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කර සිටියි. එහෙත් අදාළ පාඨමාලාව ආරම්භ කිරීම පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගත් බව ඔහු ප්‍රකාශ කරයි.
0 comments:
Post a Comment