ලංකාවට 4G
දුරකතන සමාගම් අතර සීතල යුද්ධයක්.......
ඩයලොග් විසින් පසුගියදා 4G තාක්ෂනය හදුන්වා දෙනු ලැබුවා.මොබිටෙල් විසින් ද පසුගියදා 4G තාක්ෂනය හදුන්වා දුන් අතර දකුණු ආසියාවේ පළමුවෙන්ම 4G හදුන්වා දුන්නේ තමා යැයි කීමට ඩයලොග් හා මොබිටෙල් අතර මේ වනවිට තරඟයක් ඇතිවී තිබේ.
කෙසේනමුත් පසුගියදා එටිසලාට් වෙතින් හදුන්වා දුන් 3.75G තාක්ෂණයෙන් ලබාගත හැකියි කියූ 21Mbpsවේගය පුස්සක් බවට පත්ව තිබේ.ඒ බොහෝ ප්‍රදේශවලට එටිසලාට් වෙතින් ලබාගත හැකි වේගය වී ඇත්තේ 1-3Mbps ප්‍රමාණයක් අතරය.
තවද ඔවුන්ගේ ආවරණ කලාපවලට 3G ආවරණය වනවා කියූ සමහර ප්‍රදේශවලට 3G සංඥා නොමැති බවටත් චෝදනා එල්ලවී තිබේ.
ඩයලොග් හා මොබිටෙල් වෙතින් 4G තාක්ෂනයට අඩිතාලම දැමුවා පමණි.එය රට වටා ව්‍යප්ත කොට අදාළ උපකරණ ලබාදීමට තව කලක් ගතවනු ඇත.කෙතරම් භාගතකිරීමේ වේගයක් තිබුනත් සාධාරණ භාවිත ප්‍රතිපත්තිය :(FUP) යටතේ ලබාදෙන සම්බන්ධතා වල භාගත කිරීම්(Download) සිමා වෙනු ඇත.
0 comments:
Post a Comment