කල් දැමූ පළාත් පාලන ආයතන වල ඡන්ද විමසීම 23 වැනිදා

, by Sri Lanka Youth News




ඡන්ද විමසීම කල් දමන ලද පළාත් පාලන ආයතන 65 ක් සදහා වූ ඡන්ද විමසීම ජූලි මස 23 වනදා පවත්වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම ආයතන සදහා මීට පෙර කැදවූ නාමයෝජනා වලංගු බව මහලේකම් කාර්යාලය සදහන් කරයි. ඡන්ද විමසීම පැවැත්වීමේ ගැසට් නිවේදනය ඊයේ(30) පස්වරුවේ රජයේ මුද්‍රණාලයට යොමුකර තිබෙන අතර ඡන්ද විමසීම  පැවැත්වෙන ආකාරය පිළිබදව තේරීම් භාර නිලධාරීවරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග ඉදිරියේදී සාකච්ඡවක් පැවැත්වීමටද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

0 comments: