ෆේස්බුක් වෙත ගුගල් අභියෝග කරයි
ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගූගල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.
මෙය හදුන්වා ඇත්තේ ගුගල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගල් විසින් දියත් කරන ලද විවිධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.
ගුගල් වෙව්, ගුගල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත.
කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගල් ප්ලස් සතු වේ.
විචාරකයන්ගේ මතය වන්නේ මිලියන 700 ක් පමණ වන ෆේස්බුක් ග්රාහකයන් ගුගල් ප්ලස් වෙත ආකර්ෂණය කරගැනීම අසීරු කරුණක් වනු ඇතැයි යනුවෙනි.ඒ අනුව ගුගල් සමාගම ෆේස්බුක් අභිබවා යාමට යොදාගෙන ඇත්තේ ෆෙස්බුක්හි දුර්වල ස්ථානයක් වූ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමයි.
ඒ සඳහා ගුගල් වසින් ,ගුගල් සර්කල්, නමින් වැඩසටහනක් හදුන්වා දී ඇති අතර පවුලේ සාමාජිකයන් ,මිතුරන් හා තමන් කැමති ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ගුගල් සර්කල් එකක් ආරම්භ කිරීමට හැකියාව ඇත.එවිට ගුගල් ප්ලස් හරහා බෙදා ගන්න දේ අදාළ ,සර්කල්, එකට අදාළ පුද්ගලයන්ට පමණක් දර්ශනය වන සේ සැකසිය හැක.
විචාරකයන්ගේ මතය වන්නේ ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රය සහ ඉ-මේල් සේවාව නිසා එමගින් ග්‍රාහකයින් මෙයට ආකර්ෂණය කරගැනීමට හැකි බවත් ඇන්ඩ්රෝයිඩ් තාක්ෂනය ගුගල් වෙත තවත් රුකුලක් වනු ඇති බවයි.
කෙසේ නමුත් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන ෆේස්බුක් කියා සිටින්නේ තමන් විසින් ආරම්භ කල සමාජ ජාල වෙබ් අඩවිය ඕනෑම කෙනෙක් සඳහා හොඳ වෙළඳපොළක් සකසා දී ඇති බවයි.ෆේස්බුක් හට අභියෝග කිරීමට ඩයස්පෝරා නමින් වෙබ් අඩවියක් එලි දැක්වීමටද නියමිතයි.
ගුගල් ප්ලස් වෙබ් අඩවිය තවමත් නිල වශයෙන් ආරම්භ කර නොමැති අතර මුලින් සීමිත පිරිසක් සඳහා පමණක් ප්ලස් දියත් කිරීමට ගුගල් සුදානමින් සිටියි.

0 comments:
Post a Comment