NYSC news

,







..............................................................................
ගම්පහ දිස්ත‍්‍රික් යෞවන සමාජ සම්මේලනයේ නව කාර්යාලය විවෘත කිරීම
ගම්පහ දිස්ත‍්‍රික් යෞවන සමාජ සම්මේලනයේ නව කාර්යාලය විවෘත කිරීම සහ ගම්පහ දිස්ත‍්‍රික් නිස්කෝ තරුණ සමූපකාර සංගමය ආරම්භ කිරීම පසුගිය 6වන දින,ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත‍්‍රික් තරුණ සේවා කාර්යාලයේදී සිදුවිය.මෙම අවස්ථාවට නිස්කෝ සමූපකාර සංගමයේ සාමාන්‍යාධිකාරීතුමන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූ අතර බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නාමල් කුරුප්පු මහතාගේ මන්ත‍්‍රී ප‍්‍රතිපාදන මත ක‍්‍රියාත්මක වන වෘත්තීය පුහුණු පාඨමාලා ද මෙහිදී ආරම්භ විය. 
............................................................................................
තරුණ සැමරුම් වසරේ ජාතින්ගේ එකමුතුවෙන් වැලිපිටියේ නිවසක් ඉදිවෙයි.

තරුණ සැමරුම් වසර තේමා කර  ගනිමින් ජාතික තරුණ සේවා සභාව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ගමට නිවසක් වැඩ සටහන යටතේ වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කපුවත්ත තංගල්පුර ප‍්‍රදේශයේ නිවස ඉදිකිරිම් කටයුතු මේ වන විට අවසන් කොට ඇත. මෙම නිවස ප‍්‍රදානය කිරිම සදහා තෝරාගෙන ඇත්තේ කඩාවැටුනු ලැලි ගෙයක ජිවත්වු රිද්මි ජෙමිල් තරුණයාය. මෙම නිවස සදහා රුපියල් ලක්ෂ 6  කට වැඩි මුදලක් වැය කොට ඇත. ජාතික තරුණ සේවා සභාව මගින් රුපියල් ලක්ෂයක මුදලක් මේ සදහා ලබාදුන් අතර අනෙකුත් සියඵ ප‍්‍රතිපාදන ප‍්‍රදේශයේ අනුග‍්‍රාහකයන්ගෙන් ලබාගැනිමට කටයුතු කොට ඇත.යෞවන කටයුතු හා නිපුනතා අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආශිර්වාදය ඇතිව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ එන්.රාජපක්ෂ මහතාගේ හා දිස්ත‍්‍රික් තරුණ සේවා නිලධාරි ටී.එන්.එල්.එල් ජයසේකර මහතාගේ අධික්ෂණය යටතේ  තරුණ සේවා නිලධාරි ටී.කේ මහින්ද මහතාගේ මෙහෙයවිම යටතේ මෙම නිවස ඉදිකොට ඇති අතර වැලිපිටිය යෞවන සමාජ සම්මේලනයේ සංවිධායක ජඹුරේගොඩ බෝධිරුක්කාරාමාධිපති බටදුරේ ස්වර්ණකිත්ති හිමිපානන්ගේ නායකත්වයෙන් සමිමේලනය මගින් නිවස ඉදිකිරිම සදහා දායකත්වය ලබාදි ඇත.මෙම නිවස ඉදිකිරිමේදි සිංහල ,මුස්ලිම්  තරුණ සහභාගිත්වය විශේෂත්වයකි. මෙම නිවස ඉදිකිරිමේදි තරුණ ප‍්‍රජාවගේ සහභාගිත්වයෙන් වැඩි වැඩ කොටසක් රාත‍්‍රී කාලයේදි අවසන් කොට ඇත. ඒ පෙදරේරුවන් තම කටයුතුවල නිරතව ලැබෙන රාත‍්‍රී විවේක කාලය මේ සදහා යොදා ගනිමිනි.වසර ගනනාවක තම ජිවිතයේ සිහිනයක්ව තිබු නිවස තමා සිතුවාටත් වඩා හොදින්  අවසන්විම ගැන ජෙමිල් රිද්මි තරුණයා පසුවන්නේ දැඩි සතුටකිනි. තමා යොවන සමාජයටත් ,ජාතික තරුණ සේවා සභාවත්, දකුණු පලාත් සභා අමාත්‍ය  බිංදු වීරසිංහ මහතා ,වැලිගම ප්රා දේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා හා වැලිපිටිය ප‍්‍රාදේශිය ලේකමිතුමිය,  තරුණ සේවා නිලධාරි ටී.කේ මහින්ද මහතා ,යෞවන සමාජයේ උපදේශක සිහාම් මහතා ඇතුඵ ඒ සදහා උදව්කල හැමදෙනාම ගෞරවයෙන් සිහිපත් කරන බව පැවසිය.
තවත් නොබෝ දිනකින් මෙම නිවස ජෙමිල් තරුණයාට පැවරිමට සියඵ කටයුතු යොදා ඇත.
                                                    මාතර වැලිපිටිය තරුණ සේවා නිලධාරි ටී.කේ මහින්ද විසිනි

...................................................................................
කුරුණෑගල දිස්ත‍්‍රික් සමූපකාර සමිතියේ ණය පොලී අනුපාතිකය සියයට 10 දක්වා අඩු කරයි


ජාතික තරුණ සේවා කුරුණෑගල දිස්ත‍්‍රික් සමූපකාර සමිතිය විසින් සිය දිස්ත‍්‍රික්කය පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් නව ලොවට සරිලන ලෙස දියුණුකර ගැනීමට අත දීමක් ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් සමූපකාර සමිතියේ ණය පොලී අනුපාතිකය සියයට 10 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.මේ පිළිබද වැඩි විස්තර දිස්ත‍්‍රික් තරුණසේවා කාර්යාලයෙන් ලබාගත හැක.


                                                                    චාරක මධුරජීව


..................................................................................

 තල්රුප්පාවෙන් පොල්රුප්පාවට මිත‍්‍රත්ව වැඩ සටහන









යෞවන කටයුුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ,බන්ධනාගාර අමාත්‍යාංශය ,ජාතික තරුණ සේවා සභාව එක්ව  තල්රුප්පාවෙන් පොල්රුප්පාවට මිත‍්‍රත්ව වැඩ සටහන මාතර දි පැවත්විනි.ඒ සදහා  තරුණ තරුණියන් 500 ක් එක් වූහ.සංස්කෟතික ක‍්‍රීඩා අධ්‍යන චාරිකා සංවිධානය කොට තිබු අතර එහි විවිධ අවස්ථාවන් මෙහි දැක්වෙයි. කාගේත් අවධානයට යොමුවු සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගයෙන් මාතර කන්ඩායම පරාජය කරමින් තියණු ජයක් ලැබිමට යාපනය තරුණ කන්ඩායම සමත් වූහ. මාතර කන්ඩායමට නායකත්වය දැරුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් ජයසුරිය මහතාද මෙහි ක‍්‍රීඩා කළේය. අමාත්‍ය චන්දුසිරි ගජධීර මහතා යාපනය  කන්ඩායමට නායකත්ව ලබා දුන්නේය.

...................................................................................

මෙවර හම්බන්තොටදි පැවැත්වෙන වෙරළ ක‍්‍රිඩා උළලේ ජාතික නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කීරිමට  ශ‍්‍රී ලංකා යූත් නෙට්බෝල් සංචිතයේ ක‍්‍රිඩිකාවන්...

ජාතික තරුණ සේවා සභාව වසර 13කට පසු ආරම්භ කල ශ‍්‍රී ලංකා යූත් නෙට්බෝල් සංචිතයේ ක‍්‍රිඩිකාවන්,සංචිතය ආරම්භ කර මාස 05ක් වැනි කෙටි කාලයක් තුලදී ඉතා ඉහල දස්කම් දැක්වීමට සමත් වී තිබේ.මෙහි විශේෂත්වය වන්නේS.A.D.J.මධුමාලි සිංහබාහු ක‍්‍රිඩිකාව මෙවර හම්බන්තොටදි පැවැත්වෙන වෙරළ ක‍්‍රිඩා උළලේ ජාතික නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කීරිමට සමත් වීමයි.

අශානි ප‍්‍රනාන්දු,ශෂිකා දේෂානි,S.A.D.J.මධුමාලි සිංහබාහු යන ක‍්‍රිඩිකාවන් නෙට්බෝල් ජාතික සංචිතය සදහා තේරී පත්ව ඇත.කණ්ඩායමේ පුහුණුකරු ලෙස රූපා සුමිත් ජයලාල් මහත්මිය කටයුතු කරයි.

@චාරක මධුරජීව

...................................................................................

‘සිහිනය’’බාධිත තරුණ කදවුර

ආබාධිත තත්ත්වයේ පසුවන තරුණ තරුණියන් 100ක් සහභාගි වන‘සිහිනය’’බාධිත තරුණ කදවුර කුරුණෑගල වාරියපොල වයඹ පුහුණු මධ්‍යස්ථානයේදී අද(6 )දින ආරම්භ වීමට නියමිතය

@චාරක මධුරජීව

..................................................................................

තරුණ කදවුරක්

 

දේශිය තරුණ හුවමාරු වැඩසටහන යටතේ පැවැත්වෙන තරුණ කදවුර මුලතිව් දිස්ත‍්‍රික්කයේ මල්ලාවි හිදි අද(06)ආරම්භ වීමට නියමිත අතර මෙය 12වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත නියෝජනය කරමින් යෞවන සමාජ තරුණ තරුණියන් සහභාගි වීමට නියමිතය.

@චාරක මධුරජීව

..................................................................................

මළල ක‍්‍රිඩා පුහුණු කරුවන් හා විනිසුරුවන් පුහුණු කිරීමේ පුහුණු පාඨමාලාව (දෙවැනි අදියර)

ජාතික තරුණ සේවා සභාව,ශ‍්‍රි ලංකා මළල ක‍්‍රිඩා සම්මේලනය එක්ව සංවිධානය කරන මළල ක‍්‍රිඩා පුහුණු කරුවන් හා විනිසුරුවන් පුහුණු කිරීමේ පුහුණු පාඨමාලාවක් මෙම මස 6 වෙනි දින සිට 9 දක්වා ශ‍්‍රි ලංකා යුත් පරිශ‍්‍රයේදි පැවැත්වේ.මෙය නේවාසික පාඨමාලාවක් වන අතර මෙම වැඩසටහනේ දෙවැනි අදියර වශයෙක් ක‍්‍රියාත්මක වේ.පාඨමාලාව අවසානයේ සහතික පත‍්‍රද පිරිනැමීමට නියමිතය.

@චාරක මධුරජීව

...........................................................

කෑගල්ල දිස්ත‍්‍රික් තරුණ සේවා තොරතුරු මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ රැකියා වෙළද පොළ





කෑගල්ල දිස්ත‍්‍රික් තරුණ සේවා තොරතුරු මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ රැකියා වෙළද පොළ ඊයේ(02) කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයේදි පැවැත්විණි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රාශියක් සහා තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් සහභාගි වු අතර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ සුජීව සමරතුංග මහතා ඇතු තරුණ සේවා නිළධාරින් හා යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් මෙම උළෙල විචිත‍්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.




..................................................................................

යොවුන් සිතට දහම් සිසිල කොළඹ දිස්ති‍්‍රක් වැඩසටහන


යොවුන් සිතට දහම් සිසිල වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක වන කොළ‍්‍රඔ දිස්ති‍්‍රක් වැඩසටහන 2011 අගෝස්තු මස 27 වන දින පිළියන්දල ශාන්ති විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මේ ස`දහා සර්ව ආගමික පූජක උතුමන් වහන්සේලා සහභාගී වන අතර කොළඔ දිස්ති‍්‍රක් යෞවන සමාජ සමාජිකයින් 150 පමණ සහභාගී වේ. මෙම වැඩසටහනේදීම දහම් සංවාද මණ්ඩප හා දහම කමිටු පිහිටුවීමද සිදුකෙරේ.

..............................................................................................

කොළඔ දිස්ති‍්‍රක් යෞවන සම්මාන උළෙල


කොළඔ දිස්ති‍්‍රක් යෞවන සම්මාන උළෙල 2011.08.31 වන දින ප.ව. 3 සිට 8.30 දක්වා පිළීයන්දල නගර සභා රංග ශාලාවේදී පැවැත්වේ. මේ ස`දහා කොළඔ දිස්ති‍්‍රක්කයේ සෞන්දර්යය අංශයෙන් කුසලතා දැක්වූ තරුණ තරුණියන් උදෙසා සම්මාන පිරිනැමීමට නියමිතය. කොළඔ දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන් සහ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.


..................................................................

ICMYO meeting declared open....

 Taken at Doubletree Hilton hotel in New York, USA.

Hon. Minister addressing the ICMYO gathering ceremonially declared open by himself at the Doubletree Hilton hotel in New York, USA.

..................................................................................

Bilateral meeting with UNICEF


The Chairman had a bilateral meeting with Mr.Arturo Romboli, Communication Officer (Youth section) of the United Nations Children's Fund (UNICEF) in the evening on 23rd July 2011 in New York city.

.............................................................................................................
23වෙනි ජාතික යෞවන ක‍්‍රිඩා උළෙලේ කණ්ඩායම් තරග


23වෙනි ජාතික යෞවන ක‍්‍රිඩා උළෙලේ කණ්ඩායම් තරග පසුගිය දා ආරම්භ වු අතර එල්ලේ කාන්තා,පිරිම් තරග පසුගිය ජුනි 25 හා 26 දෙදින තුල ත‍්‍රිකුණාමලය මැක්හෙයිසර් ක‍්‍රිඩාංගනයේදි පැවැත්විනි. එහිදි පිරිමි ශුරතාවය නාගරික තරුණයා දිස්ත‍්‍රික්කය දිනා ගත් අතර අනු ශුරතාවය ගම්පහ දිස්ත‍්‍රක් කණ්ඩායම දිනා ගන්නා ලදි.කාන්තා ශුරතාවය අනුරාධපුර දිස්ත‍්‍රික් කණ්ඩායම හා අනුශුරතාවය රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායද දිනා ගන්නා ලදි.
පසුගිය ජුලි 9 හා 10 දෙදින තුල බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රිඩාංගනයේදි පැවැත්විණි.එහිදි අවසන් මහා තරගය සදහා කණ්ඩායම් 25ක් අතරින් බදුල්ල හා ගම්පහ දිස්ත‍්‍රක් කණ්ඩායම් සුදුසුකම්  ලැබීය.     


..............................................................................................................
  කෙටි චිත‍්‍රපට පිළිබද දින 3 ක වැඩමු`ඵව ජුලි මස 11,12,13
ජාත්‍යන්තර තරුණ වර්ෂයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන කෙටි චිත‍්‍රපට උළෙෙල් නේවාසික පුහුණු වැඩමුඵව අද ජාතික තරුණ සේවා සභාවෙදි ආරම්භ විය. කෙටි චිත‍්‍රපට පිළිබද දින 3 ක වැඩමු`ඵව ජුලි මස 11,12,13 යන දිනවල පැවැත්වේ.
 .............................................................................................................
නව නිපැයුම් ප‍්‍රදර්ශණයට ශ‍්‍රී ලංකා යූත් සැරසේ


          ජාතික තරුණ සේවා සභාව සහ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම එක්ව නව නිපැයුම් ප‍්‍රදර්ශණයක් පැවැත්වීම සඳහා සූදානම් වේ. රට පුරා සිටින නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම සහ ඔවුන් ජාතියට හඳුන්වා දීම සඳහා මේ ප‍්‍රදර්ශණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආරංචි මාර්ග වාර්ථා කරයි.
      එලඹෙන නොවැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකා යූත් පරිශ‍්‍රයේදී දින කිහිපයක් මෙම ප‍්‍රදර්ශණය පැවැත්වීමට අදහස් කර ඇත.
.............................................................................................................
කැස්බෑවේ කලා රසවින්දන වැඩසටහනක්
කැස්බෑව යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩලය සහ කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කලා රසවින්දන වැඩසටහනක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම්කොට ඇත. නර්ථන, ගායන, වාදන යන අංශයන් තුළින් තම හැකියාවන් ප‍්‍රදර්ශණය කළ කැස්බෑව ප‍්‍රදේශයේ සියළුම කලාකරුවන් සම්බන්ධකර මෙම වැඩසටහන පැවැත්වීමට සූදානම්ව පවතී. ඒ වෙනුවෙන් පවත්වන පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන ජූනි 15 වන දින කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

.............................................................................................................
නව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ 
නායකත්ව පුහුණුව අවසන්


අතුරු මැතිවරණ වලින් අලුතින් තේරී පත් වූ යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වූ නායකත්ව පුහුණු පාඨමාලාව පසුගිය දා සාර්ථකව නිම කරනු ලැබීය.
        නාවුල බැහැරගත නායකත්ව පුහුණු කඳවුරේදී මෙය පැවැති අතර නව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියළුදෙනා පාහේ මෙම පුහුණුව ලබාගෙන ඇතැයි වාර්ථා වේ.

.............................................................................................................
  අරමුදල් සතියේ වෙනස අති සාර්ථකයි
ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මඟින් යෞවන සමාජ අරමුදල් ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන තරුණ අරමුදල් සතියේ සම්ප‍්‍රදායිකව පැවති කොඩි අලෙවිය වෙනුවට නවමු මුහුණුවරක් ගත් ස්ටිකරයක් සහ බුක් මාර්ක පත් අලෙවි කිරීම හඳුන්වා දුන් අතර ඉකුත් දිනවල ලංකාව පුරා එය ක‍්‍රියාත්මක විය. සියළු දිස්ත‍්‍රික්ක තුළ මේ වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අතර එය අති සාර්ථක වූ බව වාර්ථා වේ.
          ඉකුත් වසරවලට වඩා වැඩි ආදායමක් මෙවර අරමුදල් සතිය තුළ ලැබී ඇති බවත් වාර්ථා වන අතර යෞවන සමාජවල අරමුදල් ශක්තිමත් කිරීම සඳහා මිත‍්‍රත්ව පලඳනාවක් හඳුන්වා දීමටද නියමිතය.

..............................................................................................................
නාට්‍ය පාසල යළිත් ඇරඹේ






ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන නාට්‍ය හා රංග කළා ඩිප්ලෝමා පාඨමාලාව මේ දින වල තරුණ සේවා යොවුන් රගහලේදි පැවැත්වේ. දිස්ත‍්‍රික් මට්ටමින් පැවැත්වු දින තුනේ වැඩමු`ථ මගින් තෝරා ගත් සිංහල, දෙමල, මුස්ලිම්, තරුණ තරුණියන් මෙම පාඨමාලා සදහා සහභාගි වේ. මෙය දින 45ක නේවාසික ප‍්‍රායෝගික පාඨමාලාවක් ලෙස ක‍්‍රියාත්මක වන අතර දෙස් විදෙස් නාට්‍ය හා රංග කලා අචාරවරුන් ඇතුලු කළා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් විසින් වැඩමු`ථව පවත්වනු ලබයි.

..............................................................................................................
කෙටි චිත‍්‍රපටි උළෙලට සියලු කටයුතු සූදානම්.


ජාත්‍යන්තර තරුණ වර්ෂයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන කෙටි චිත‍්‍රපට උළෙල පිළිබ`ද දින 3 ක නේවාසික පුහුණු වැඩමු`ඵවක් පැවැත්වීමට තර`ග සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.සියලුම තර`ග කරුවන් ස`දහා මෙම වැඩමු`ඵව පැවැත්වෙන අතර ජයග‍්‍රාහී කෙටි චිත‍්‍රපට නිර්මාණය ස`දහා මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර පිරිනැමේ.
..............................................................................................................
ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තර`ග ආරම්භ වේ.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව හා ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය  එක්ව සංවිධානය කරනු ලබන 23 වන ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තර`ග කෑගල්ලෙන් ආරම්භ විය.ඒ යටතේ වොලිබෝල් තර`ග ජුනි 06 දින පැවැත්වුණ අතර අවසන් මහා තර`ගය ස`දහා සුදුසුකම් ලබා සිටින්නේ කාන්තා අංශයෙන් පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම හා කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායමයි. පිරිමි අංශයෙන් පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම හා ක`ඵතර දිස්ති‍්‍රක් කණ්ඩායම් අවසන් තර`ග ස`දහා සුදුසුකම් ලබා ඇත.
..............................................................................................................
ජාතික තරුණ සේවා  සභාවේ වෘත්තීය පුහුණු පාඨමාලා ඇරඹේ.

2011 ජූලි දෙසැම්බර් දෙවන අධ්‍යන වාරයේ පාඨමාලා ස`දහා නවක සිසුන් බ`දවා ගැනීම ජුනි මස 15 දින සිට 30 වෙනි දින දක්වා ජාතික තරුණ සේවා සභාවේදී සිදුකෙරේ.මෙම පාඨමාලා අතර රූපලාවන්‍ය,බේකරි පරිගණක ඩිප්ලෝමා, ජනසංනිවේදනය, ඉංගී‍්‍රසි, යතුරු ලියන ,විදුලි කාර්මික ශිල්පී යනාදී පාඨමාලා රැසක් පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් පැවැත්වේ.
ඔබත් අයදුම් කරන්න 
මධ්‍යස්ථාන පුහුණු අංශය
ජාතික තරුණ සේවා සභාව
අංක 65 හයිලෙවල් පාර 
මහරගම.
දු.ක 011-2850986 begin_of_the_skype_highlighting            011-2850986      end_of_the_skype_highlighting


..............................................................................................................
We Are Ready..... Are You?

2011 මංචි ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරගය සදහා ශ‍්‍රී ලංකා යූත් වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.වසර 27කට පසු මේ අනගිභවනීය තත්වය හිමිකර ගැනීමට දිනුෂ් ලසාන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා යූත් වොලිබෝල් කණ්ඩායම සමත්ව ඇති අතර මේ තරගාවලියේ කිසිදු තරගයක් ඔවුන් පරාජයට පත්වී නැති වීමද විශේෂයකි.ඔබත් ඔවුන්ට සුභ පතන්න

..............................................................................................................
fhdjqka md¾,sfïka;=j we;=ka.ug


fh!jk lghq;= wud;HdxYh yd cd;sl ;reK fiajd iNdj u.ska ls%hd;aul fhdjqka md¾,sfïka;= ixlS¾Kh wkqrdOmqr ñyska;f,a ;srmamk fldÜGdYfha we;=ka.u m%foaYfha bÈlsÍu i`oyd wjOdkh fhduqù ;sfí'
we;=ka.u m%foaYfha wlalr 75 lg jeä m%udKhl bvula cd;sl ;reK fiajd iNdjg wh;aj ;sfnk w;r ta bvu fhdjqka md¾,sfïka;=j bÈlsÍug iqÿiq njg ks¾foaY ù ;sfí'
fh!jk lghq;= yd ksmqK;d ixj¾Ok wud;H v,ia w,ymafmreu ksfhdacH wud;H ÿñkao Èidkdhl cd;sl ;reK fiajd iNdfõ iNdm;s kS;S{ ,,s;a mshqï fmf¾rd hk uy;ajreka bl=;aod tu m%foaYfha නිරීlaIK pdßldjl fhÿKs'
                                           rxð;a ක=මාර සමරකෝන්
..............................................................................................................
යොවුන් සවිබලකරණ මධ්‍යස්ථානය යලි කඩිනමින්

යුධමය වාතාවරණය හේතුවෙන් අතහැර දමා තිබූ ජාතික තරුණ සේවා සභාවට අයත් තී‍්‍රකුණාමලය -ලව්ලේන් -යොවුන් සවිබලකරණ මධ්‍යස්ථානය යලි කඩිනමින් ආරම්භ කිරීමට දැන් කටයුතු යොදා ඇතැයි දිස්ති‍්‍රක් තරුණ සේවා නිළධාරී සරත් නන්දතිලක මහතා පවසයි

මධ්‍යස්ථානය අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව හොටෙල් කළමණාකරණය - පරිගණක පාඨමාලා- මැහුම්- රූපලාවන්‍ය නාට්‍ය හා රංග කලාව ආදී පාඨමාලා ආරම්N වේ
වැඩි විස්තර
දුර-026-2222034
   -077-3894440
හෝ දිස්ති‍්‍රක් තරුණ සේවා නිළධාරීගෙන් ලබා ගත  හැක
                                                        චාරක මධූ

..............................................................................................................
කඔ ඇදීමේ පුහුණු වැඩ සටහන -2011

ජාතික තරුණ සේවා සභාවේ කී‍්‍රඩා අංශය මගින් කඔ ඇදීමේ කී‍්‍රඩාව පුහුණු කිරීමේ වැඩසටහනක් 2011-05-04 සහ 05 යන දෙදින තුළ ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය මැයි මස 04 වන දින ප-ව  5-30 ට ශී‍්‍ර ලංකා යූත් ශ‍්‍රවණාගාරයේදී ගරු සභාපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇ;
                                                       කී‍්‍රඩා අංශය