ශ්‍රී ලංකා යූත් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදිය

undefined undefined, undefined by Sri Lanka Youth News

ශ්‍රී ලංකා යූත් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර කෑගල්ල මාවනැල්ල ඉළුක්ගොඩ දී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මැතිතුමන් විසින් පෙ.ව 8.39 ට යෙදුන සුභ මොහොතින් මුල්ගල තැබීම සිදුකලේය.ජාතික තරුණ සේවා සභාවත්,ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙත්,ධාන පතීන්ගේත් මූල්‍ය අනුග්‍රහය ලැබෙන අතර ශ්‍රමදායකත්වය යෞවන සමාජ සාමාජිකාවන් විසින් ලාබා දීමට නියමිතය.දිවයින පුරාපිහිටි සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නිවාස ඉදි කිරීමට නියමිතය.අද දිනයේදී මුල් ගල තැබන ලද්දේ,ඉළුක්ගොඩ යෞවන සමාජ සාමාජිකා නදීකා නිලන්ති මෙනවියගේ නිවසටය.මේ උත්සවය සඳහා ජේශ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න,නියෝජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක,පළාත් අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා සමඟ යෞවන සමාජ සමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය

0 comments: