ජාතික තරුණ සේවා සභාව මගින් මේ රටේ තරුණ පරපුරට ඉටු කරන සේවය විශිෂ්ටයි.
මහින්ද යාපා අබේවරධන මාතරදී පවසයි
ජාතික තරුණ සේවා සභාව යෞවන කටයුතුඅමාත්‍යාංශය එක්ව තුරුණු වසරේ ගමට නිවසක් යන්න තේමා කර ගනිමින් කි‍්‍රයාත්මක වු නිවාස ව්‍යාපෘතියේ නිවාස තාරුණ්‍යට පැවරිමේ මාතර දිස්ති‍්‍රක් ප‍්‍රධාන උත්සවය වැලිපිටිය කපුවත්ත තංගල්පුර හා ජඹුරගොඩ හේන්වලවත්තේදි සිදු කෙරෙණි. කෘෂිකර්මඅමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවත්විනි.
අනතුරුව ජාතින්හි එකමුතුවෙන් ඉදිවුනු කපුවත්ත තංගල්පුර ජෙමිල් මොහොමඩි තරුණයාගේ නිවසේදි උත්සවය පැවත්විනි.
මෙහිදි කථා කල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ජාතික තරුණ සේවා සභාව මගින් මේ රටේ තරුණ පරපුරට ඉටු කරන සේවය ඇගයිමට ලක් කරන බව පැවසීය. යුද්ධය නිමාවු පසුව මේ රටේ තරුණ පරපුරට අනාගතය පිළිබදව විශ්වාසයක් ඇතිවී තිබෙන බවත් එම විශ්වාසය තුල රජය මගින් සුවිසල් සේවාවක් ඉටු කර කරමින් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
විවෘත කිරිමේ අවස්ථාවට දකුණු පලාත් සභා අමාත්‍ය විජය එස් වීරසිංහ වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකමි මානෙල් ලියනආරචිච් බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යතුමන්ගේ සමිබන්ධිකරණ ලේකමි චිත‍්‍රානන්ද ගජධිර වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් වැලිපිටිය ප‍්‍රාදේශිය ලේකමි එමි ලියනආරචිච් ජාතික තරුණ සේවා සභාවේ දකුණු පලාත් අධ්‍යක්ෂ වොල්ටර් දිසානායක සහකාර අධ්‍යක්ෂ එන් රාජපක්ෂ යන මහත්වරුන්ද උත්සව සභාව ඇමතුහ.
ජඹුරේගොඩ සුහද කපුවත්ත අන්නුර් යෞවන සමාජ හා එක්ව වැලිපිටිය යෞවන සමාජ සම්මේලනය මගින් උත්සවය සංවිධානය කොට තිබුණි.
0 comments:
Post a Comment