අන්තර්ජාල වේගයන් මැන බැලිය හැකි පහසුකම් විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව මඟින්
විදුලි සංදේශ සේවා ආයතන මඟින් ග්‍රාහකයන් සඳහා ලබාදෙන අන්තර්ජාල පහසුකම්වල නිරවද්‍ය වේගය පරික්ෂා කිරීමට හැකි වන ලෙස විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව මඟින් සිය සේවාවන් වැඩිදියුණු කර ඇත.
ලෝකයේ ප්‍රථම වතාවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවක් මඟින්, විවිධ විදුලි සංදේශ සේවා සපයන ආයතන මඟින් ග්‍රාහකයින් වෙත ලබාදෙන අන්තර්ජාල වේගයන් මැන බැලිය හැකි පහසුකම් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ග්‍රාහකයන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ග්‍රාහකයා සහ අන්තර්ජාලය අතර පවත්නා වේගය පරීක්ෂා කිරීමේ පහසුකම් ලබා ගත හැකි වේ. මෙම පද්ධතිය සේවා ග්‍රාහක යෙදුම් සහිත ක්‍රමයක් පදනම් කර ගනිමින් වැඩිදියුණු කර ගත හැකි අතර, ග්‍රාහකයින්ට ලෝකයේ වෙනස් ස්ථාන දෙකක සිට භාවිතා කිරීමට හැකි පරිදි මෙම පහසුකම් සපයා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරිණි.
0 comments:
Post a Comment