ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල

, by Sri Lanka Youth News

පසුගිය 27 වන දින ආරම්භ වූ ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල ඊයේ(30) සාර්ථකව අවසන් විය.එහි විවිධ අවස්ථාවල සේයා රූ පහත දැක්වේ.


සමාරම්භක උළෙල
සේයා රූ-රංජන සරත් කුමාර

read more

0 comments:

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් 28 වැනිදා

, by Sri Lanka Youth News


මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් 28 වැනිදා පස්වරු 2.00ට මහව විජයබා ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී සිංහල දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පළ කරන ලද කෙටිකතා, විශිෂ්ට නවකතා පද්‍ය,පරිවර්තන, ළමා සාහිත්‍ය හා ශාස්ත්‍රීය ග්‍රන්ථ සඳහා සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.
ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයට කරන ලද විශිෂ්ට තම සේවාව අගයමින් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි ලේඛකයන් තිදෙනකුට මෙහිදී සාහිත්‍ය රත්න සම්මානය’ පිරිනැමීමට ද කටයුතු යොදා ඇති අතර, මෙය සංවිධානය කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මඟිනි.

0 comments:

ජාතික හැඳුනුම්පත වෙනුවට ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක්

, by Sri Lanka Youth News



දැනට නිකුත් කරන ජාතික හැඳුනුම්පත වෙනුවට ආරක්ෂාව සඳහා වඩාත් වැදගත් තොරතුරු ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම නව හැඳුනුම්පත දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පතෙහි අඩංගු වී නොමැති නවීන ආරක්ෂිත සංකේත ඇතුළත් කර වර්තමාන අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ව සකස් කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමට අපේක්ෂිත මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ මූලික අවස්ථාවේදී දැනට ජාතික හැඳුනුම්පත් ලබා ගෙන ඇති පුරවැසියන් වෙත විද්‍යුත් ජාතික හැඳුනුම්පත නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරිණි.

0 comments:

ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය

, by Sri Lanka Youth News

ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජය ගැනීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ දේශිත රාජපක්ෂ සමත්විය.අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමාරි බණ්ඩාර කාන්තා තරගය ජය ගැනීමට සමත්වුවාය.දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (27) ආරම්භවන 23 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් මෙම පාපැදි තරගය පැවැත්විණ.කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 180 ක් සහභාගි වූ පිරිමි තරගය කිලෝමීටර 120 ක්ද, කාන්තා තරගය කිලෝමීටර 40 ක දුරකින්ද සමන්විත විය.
ජාතික යොවුන් කී‍්‍රඩා පාපැදි තරග ප‍්‍රතිඵල:

● පිරිමි තරගය-
1. දේශිත රාජපක්ෂ :කොළඹ( පැය 2 වි. 59 තත්ත්පර 40)
2. ප‍්‍රදීප් විජේවික‍්‍රම :ගම්පහ( පැය 2 වි. 59 තත්ත්පර 40)
3. ප‍්‍රදීප් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු :ගම්පහ( පැය 2 වි.59 තත්ත්පර 40)


● කාන්තා තරගය-
1. පී. ජී.කුමාරි  බණ්ඩාර :අම්පාර(පැය 1 විනාඩි 16 තත් 55)
2. සී. එස්. කේ. වික‍්‍රමගේ :(පැ 1 වි. 24 තත් 45)
3. කේ. ඒ. අයි. නානායක්කාර :(පැ. 1 විනාඩි 28 තත් 48)

                                                                                                                                                චාරක/රංජන

0 comments:

දීපාවලි අද

, by Sri Lanka Youth News

දිවාලි හෝ දීපාවලි යනු 'පහන් පෙළක්' යන අරුත නිරුපණය කරන සංස්කෘත වචනයකි.එය හින්දු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වේ. මෙම උත්සවය නව සද උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මස වලදී සැමරේ. මෙම වර්ෂයේ මෙම උළෙල අද(26) වන දිනට යෙදී ඇත.වර්තමානයේ දිවාලි ලෙස යොදන වචනය දීපාවලි නම් සංස්කෘත වචනය 'පහන් දාමය යන අරුත ඇති' බිදී ආ වචනයකි. දිවාලි උළෙල හා බැදුන විවිධ පුරාවෘත හා වැදගත් සිදුවීම් ඇත. එනිසා මෙම දිනයේ කරන පුජා, මන්ත්‍ර ජපකිරීම් ,ස්ත්‍රෝත්‍ර ගායනා වෙනදාට වඩා සියක් වාරයක් ප්‍රබල බව සැලකේ.

0 comments:

ලෝක ප්‍රසිද්ධ ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් හදිසියේ ශ‍්‍රී ලංකාවට

, by Sri Lanka Youth News

YANNI in Sri Lanka
ලෝක ප්‍රසිද්ධ ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් ඊයේපෙරවරුවේ හදිසියේ කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.වෙනත් රටක පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට යන අතරතුරයි ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණියේ.ගුවන්තොටුපලේ ස්වල්ප වෙලාවක් රැඳී සිටි ඔහු ලංකාවේ ප්‍රසංගයක් පැවතීමට නොහැකිවීම ගැන සිය කණගාටුව පළකලා.එහි වීඩියෝ දර්ශන පහතින්

0 comments:

ගඩාෆි මිය යයි

, by Sri Lanka Youth News

ලිබියානු කැරළිකරුවන් විසින් අල්ලා ගත් ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆි,වෙඩි හුවමාරුවකදී මියගිය බව ඊයේ වාර්තා වුණා.පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ඒ ගැන සතුටු වෙමින් ප‍්‍රීතිඝෝෂා නගන ලිබියානු වැසියන්

0 comments:

ගඩාෆි මිය යයි

, by Sri Lanka Youth News

ලිබියානු කැරළිකරුවන් විසින් අල්ලා ගත් ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆි,වෙඩි හුවමාරුවකදී මියගිය බව ඊයේ වාර්තා වුණා.පහත දැක්වෙන්නේ ඒ පිළිබද අල් ජසීරා රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ කිහිපයකි.


0 comments:

ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆි,වෙඩි හුවමාරුවකදී මිය ය යි

, by Sri Lanka Youth News

ලිබියානු කැරළිකරුවන් විසින් අල්ලා ගත් ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆි,වෙඩි හුවමාරුවකදී මියගිය බව විදෙස් වාර්තා සඳහන් කරනවා.ගඩාෆි උපන් නගරය වන සර්ට් හි බලය මුළුමනින්ම අන්තර්වාර කවුන්සිලයේ සහය දක්වන කැරළිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගඩාෆි අල්ලාගෙන තිබෙන බව සදහන්. කෙසේ වෙතත්, අනතුරුව ඇතිවු වෙඩි හුවමාරුවකදී මුවමර් අල් ගඩාෆි වෙඩි වැදී මියගිය බව විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටී.

0 comments:

විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමේ විභාගය නොවැම්බර් මස 2 වන සතියේ

, by Sri Lanka Youth News


2012 වසර සඳහා විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමේ විභාගය නොවැම්බර් මස 2 වන සතියේ පැවැත්වීමට නියමිත බව විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් තිස්ස හේවාවිතාන මහතා පවසයි.
ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන පාඨමාලාවන්ට පමණක් ‍සුදුසුකම් මත විභාගය සඳහා සිසුන් තෝරාගනු ලබයි. 
අනෙකුත් පාඨමාලා සඳහා උසස් පෙළ ඉසෙඩ් ලකුණු මත සිසුන් තෝරා ගැනීම සිදු කෙරෙයි.
මෙවර විද්‍යාපීඨ සඳහා සිසුන් හැටදෙදහස් පන්සියයක් ඉල්ලුම් කර තිබෙන අතර එයින් සිසුන් 3300 ක් පමණ තෝරා ගැනීමට නියමිතය.
මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ මධ්‍යස්ථාන මඟින් පැවැත්වීමට නියමිත අතර ලබන ජනවාරී මස සියලු පාඨමාලා ආරම්භ කරන බව විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් තිස්ස හේවාවිතාන මහතා ප්‍රකාශ කළේය.

0 comments:

ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය අද

, by Sri Lanka Youth News


ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය අද (20)ට යෙදී තිබේ.:::::ඔබේ අස්ථිවලට ආදරය කරන්න:::::යන්න මෙවර ලෝක ඔස්ටියෝපොරෝසිස් දින තේමාවයි.ලෝකයේ මෙම රෝගයට කාන්තවන් මිලියන 200ක් ගොදුරු වන බව වෛද්‍ය වාර්තාපෙන්වා දෙයි.ලෝකයේ සෑම තත්පරයක දී ම එක් අයෙකු වැටීම නිසා  අස්ථියක් බිදීයාම සිදුවන බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ රක්තවාතවේද,විශේෂඥ වෛද්‍ය ලලිත් විජේරත්න මහතා පවසයි.එමෙන්ම ලෝකයේ සිටින සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔස්ටියෝපොරෝසිස් වැළ`දීමේ අවධානමක් ඇති බව සොයාගෙන තිබේ.මෙම රෝගය වළක්වා ගැනීමට කැල්සියම් සහිත ආහාර ලබා ගැනීම වැදගත් බව වෛද්‍ය මතය යි.
වසර 2006 ශ්‍රී ලංකාවේ වාර්තා වූ උකුල් ඇට බිදීයාමේ සංඛ්‍යාව 2700ක් වන අතර වසර 2040 දී එය 7000 දක්වා ඉහළ යා හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවති.

0 comments:

32 වැනි යොවුන් නාට්‍ය උළෙල

, by Sri Lanka Youth News

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරණ 32 වැනි යෞවන නාට්‍ය උළෙල නොවැම්බර් 7දා සිට 17 දක්වා ලයනල් වෙන්ට් ර`ගහලේදී සෑම දිනකම සවස 6.00ට වේදිකා ගත කිරීමට නියමිතය.මෙම උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා සහභාගිවීමට නියමිතය.මේ උළෙලේදි සිංහල අංශයෙන් කෙටි නාට්‍ය 14ක් හා දිගු නාට්‍ය 5ක් වේදිකාගත වීමට නියමිතය.දෙමළ අංශයෙන් කෙටි නාට්‍ය 4ක් වේදිකාගත වේ.
                                                                                       චාරක මධුරජීව
read more

0 comments:

ෆිල්ම් සවුත් ඒෂියා-Film South Asia in Colombo

, by Sri Lanka Youth News


කොළඹදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු වාර්තා වැඩසටහන් උළෙලේදී දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ප‍්‍රබන්ධ නොවන සිනමා නිර්මාණ දැක්මක් එළි දැක්වීට සියලූ වැඩ කටයුතු සම්පාදනය වී තිබෙනවා. ආසියානු උප මහද්වීපයටම උරුම වූ යම් යම් ආකර්ෂණීය මාතෘකා සහ තේමාවන්, ප‍්‍රදර්ශනාත්මක ශෛලීයෙන් සහ නව තාක්ෂණයන් ගෙන් අනූන නිර්මාණ නියැදියක් ලෙස පේ‍්‍රක්ෂකයන්ට දැකබලා ගැනීමට කලාතුරකින් හිමිවන අවස්ථාවක් ලෙස මෙම සිනමා උළෙල හැඳින්විය හැකියි.


ෆිල්ම් සවුත් ඒෂියා 1997 සිට කත්මන්ඩු නුවර වසර දෙකකට වරක් පැවැත්වෙන විශිෂ්ට නිර්මාණ උළෙලක්. තරඟකාරීත්වය මෙහි ඇති සුවිශේෂම ලක්ෂණයක්. කෙළඹදී පැවැත්වීමට නියමිත . ෆිල්ම් සවුත් ඒෂියා ප‍්‍රත්‍යාවලෝකන නිර්මාණ උළෙලට මින් පෙර පැවැත්වු සම්මාන උළෙලවලදී ගෞරව සම්මානයට පාත‍්‍රවු විශිෂ්ට වාර්තා වැඩසටහන් අතුළත් වන අතර  එය  2011 වසරේ ඔක්තෝබර් මස 20, 21. 22 යන තෙදින පුරා  බොරැල්ල පුංචි තියටර් හි නොමිලේ මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වනු ඇත. 
read more

0 comments:

බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ අරංගේත‍්‍රම් මංගල්‍යය

, by Sri Lanka Youth News


ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ නර්තනය හැදෑරූ අමල් සම්පත් සහ සින්දුජා සිවසුබ‍්‍රනියම්ගේ කළඑලි බැසීමේ අරංගේත‍්‍රම් මංගල්‍යය පසුගිය  16 දින බෙල්වුඞ් රංගශාලාවේදි පැවැත්වුණි.මෙය ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නිතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.


මෙහි විශේෂත්වය වනුයේ සිංහල තරුණයෙකු හා ද්‍රවිඩ තරුණියක් අරංගේත‍්‍රම් මංගල්‍ය හරහා කලඑළි බැසීමයි.ඔවුන් ශිල්පය හදරා ඇත්තේ නර්තන විශාරද රුක්මා බටුවිට මහත්මිය යටතේ වන අතර මෙහි පූර්ණ සංවිධාන කටයුතු බෙල්වුඞ් නිකේතනාධිපති කරුණාරත්න විජේවර්ධනයන් විසින් සිදුකෙරිණ.දෙමව්පියන් ඇතුලු විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටියහ.
read more

0 comments:

විනාශ මුඛයට යන තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු විහාරස්ථානයක්

, by Sri Lanka Youth News

පහතින් දැක්වෙන්නේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ ඉදිකරන ලද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි හාතිගමුව රජමහා විහාරයේ සේයා රූ කිහිපයකි.
ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම විහාරයේ ඇති බිතු සිතුවම් හා පුරාවස්තු,මිනිසුන් වෙසින් සිටින තිරිසනුන් විසින් විනාශ කර ඇත.එමෙන්ම ස්වභාවිකව ඇති වන උවදුරු නිසාවෙන්ද මෙම විහාරය ගරා වැටෙමින් පවතී.
මේ එක් විහාරස්ථානයක් පමණි.මෙවැනි අයුරින් විනාශ මුඛයට යන තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු විහාරස්ථාන බොහොමයක් ඇත.මෙවැනි ස්ථාන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම අප සැමගේම යුතුකම වන අතර මේ පිළිබද වගකිවයුත්තන්ගේ අවධානය යොමු වෙත්වා.


read more

0 comments:

මාතර දිස්ත‍්‍රික් යෞවන සම්මාන උළෙල

, by Sri Lanka Youth News


ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව සංවිධානය කෙරෙන මාතර දිස්ත‍්‍රික් යෞවන සම්මාන උළෙල පසුගියදා මාතර රාහුල මහා විද්‍යාලයේදි යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විනි.
කෙටි නාට්‍ය තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට සම්මාන ප‍්‍රදානය කිරිමද මෙහිදි සිදු කෙරෙනි. දමිල මාධ්‍යයේ තරග අංශ රැසක්ද මෙවර පැවත්වුනු අතර ආබාධිත තරගකරුවන් වෙනුවෙන්ද තරග පැවත්විම මෙවර විශේෂත්වයකි. ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධීත මාතර දිස්ත‍්‍රික් ලලිත කළා සංසදය ඉදිරිපත් කළ නර්ථන අංගවලින් මෙවර සම්මාන උළෙල විචිත‍්‍රවත් විය.
සම්මාන ප‍්‍රදානය කිරිම සදහා දකුණු පලාත් සභා මන්ත‍්‍රි වීරසුමන වීරසිංහ  ,වැලිගම ප`ාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ,මාතර දිස්ත‍්‍රික් ලේකම් ඩබි.කේ.කේ.අතුකෝරාල ,ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක‍්‍රියාකාරි අධ්‍යක්ෂ සරත් ද අල්විස්, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභා සභාවේ අධ්‍යක්ෂ සංවර්ධන සනත් වීරසුරිය ,සභා අධ්‍යක්ෂ අජිත් නාරගල ,ජාතික තරුණ සේවා සභා සභාවේ  මාතර දිස්ත‍්‍රික්  සහකාර අධ්‍යක්ෂ N.රාජපක්ෂ,ශ‍්‍රී ලංකා යේවන සමාජ සම්මේලනයේ ලේකම් සමන් කුමාර යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

සම්මාන උළෙලේ අවස්ථා පහතින්
                                             අමාත්‍යතුමන් සම්මාන ප්‍රධානය කල අවස්ථාව

read more

0 comments:

23 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරගය

, by Sri Lanka Youth News

23 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරගය 2011.10.16 වන දිනයේ හෝමාගම නගරයේදි පැවැත්විණී.යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය-,ජාතික තරුණ සේවා සභාව,යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන 23 වන යෞවන ක‍්‍රීඩා උළෙලේ කාන්තා පිරිමි මාර්ග ධාවන තර`ග විශාල යෞවන යෞවනියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 මෙහිදි බාලක අංශයේ ප‍්‍රථම ස්ථානය පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කළ ඩබ්.ජි.එල්.ප‍්‍රනාන්දු ට හිමිවිය. ඔහු තරගය අවසානය සදහා වාර්තා කළ කාලය මිනිත්තු 2:38:42 කි.දෙවන ස්ථානය පුත්තලම දිස්ත‍්‍රික්කයේ සි.එම්.එස්.පි.චන්ද්‍රසේකරට හිමිවිය.ඔහු වාර්තාකළ කාලය 2:45:37 කි.තෙවැනි ස්ථානය ගාල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කළ ජි.ඒ.ආර්.ඩබ්. කුමාරට හිමිවිය.ඔහු ගත කළ කාලය 2:47:04 වේ.
කාන්තා මාර්ග ධාවන තරගයේ ප‍්‍රථම ස්ථානය පුත්තලම දිස්ත‍්‍රික්කයට හිමි වු අතර ඩබ්.පි.ආර්.එන්. නදිශානි ප‍්‍රථම ස්ථානය ලබාගත් අතර වාර්තා කළ කාලය 1:26:48 කි. දෙවැනි ස්ථානය බදුල්ල දිස්ත‍්‍රික්කයේ එල්.එච්. ශාමලි අනුශා ට හිමි කරගත් අතර තෙවැනි ස්ථානය නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ක‍්‍රිෂාන්ති ය හිමිවිය.
read more

0 comments:

ටයි මහත්තයා සමුගනී!

, by Sri Lanka Youth News


ජාතික රූපවාහිනී සංස්ථාවේ හ`ඩකැවීම් ඒකකය පිහිටුවීමේ පුරෝගාමියා වූ ටයිටස් තොටවත්ත මහතා පෙරේදා 15 රාත‍්‍රියේදී අභාවප‍්‍රාප්ත විය.ඔහු මිය යන විට 82 වැනි වියෙහි පසුවිය.
1982 වසරේ රූපවාහිනියට බැ`දුණු ඔහුගේ වෘත්තිය වූයේ සංස්කරණ ශිල්පයයි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ  "රේඛාව" චිත‍්‍රපටයෙන් තොටවත්ත මහතා සිනමාවට පිවිසියේ ය.තවද පරසතු මල්,ගැටවරයෝ,තුංමං හංදිය,සංදේශය,ගම්පෙරළිය,යන චිත‍්‍රපටවල සංස්කරණ ශිල්පියා වූයේ තොටවත්ත මහතාය.”චණ්ඩියා” චිත‍්‍රපටය හරහා ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය.හාරලක්ෂය,මරුවා සමග වාසේ,තෙවත, සහ හ`දයා  ඔහු අධ්‍යක්ෂණය කළ තවත් චිත‍්‍රපට කිහිපයකි,මෙරට නිපදවූ ප‍්‍රථම ළමා චිත‍්‍රපටය වන  'හ`දයා' තොටවත්තයන්ගේ නිර්මාණයක් වන අතර 1979දී එය ලොව විශිෂ්ටතම ළමා චිත‍්‍රපටය ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර විය.
මෙම අග‍්‍රගන්‍ය කළාකරුවාගේ අවසන් කටයුතු ලබන බදාදා(19)බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

0 comments:

සචින් තෙන්ඩුල්කාර්ගේ සිහින මාලිගය

, by Sri Lanka Youth News


වටිනාකම  කෝටි 28කට අධිකයි
ජනප‍්‍රිය ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ නව නිවස සම්බන්ධවයි මේ පුවත.කුඩා දරුවන් වෙනුවෙන් නිපදවන කාටූන් චිත‍්‍රපටවල ඇති යතාර්තයේ දැකිය නොහැකි විවිධ ඉදිකිරීම් අප දැක ඇත්තෙමු.නමුත් එම ඉදිකිරීම් දැන් දැන් යතා ලෝකයේද ඉදිවෙමින් පවතී.ඩොලර් මිලියන 8.75ක් නැතහොත් කෝටි 28කට අධික මුදලක් වැය කරමින් එවැනි අලංකාර මන්දිරයක හිමිකරුවා වීමට සචින් තෙන්ඩුල්කාර්ට හැකිව තිබෙනවා.මුම්බායි නගරයේ බන්ද්‍රාහි ඉදිකර ඇති අධි සුඛෝපභෝගී මන්දිරයක් වන මෙය ගෘහ නිර්මාණ ශිල්පී ජෙවියර් සෙනෝසියන්ගේ(Javier Senosiain ) නිර්මාණයක්.
එහි සේයා රූ පහතින්

read more

0 comments:

තරුණ හුවමාරුවේ යාපනය තරුණ කන්ඩායමට උණුසුම් පිළිගැනිමක්

, by Sri Lanka Youth News


 දේශීය තරුණ හුවමාරු වැඩ සටහන යටතේ සංවිධානය කොට තිබු උතුරු දකුණු මිත‍්‍රත්ව වැඩ සටහන වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ  විලේගොඩ ගමිමානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි. ඒ සදහා යාපනය දිස්ත‍්‍රික්කයේ යෞවන සමාජ තරුණයන් 50 දෙනෙකු සහභාගිවු අතර ඔවුන් වැලිගම ප‍්‍රාදේශීය සභාවේදි හා විලේගොඩ ගමිමානයේදි මෙම තරුණ කන්ඩායම උණුසුමි අන්දමින් පිළිගනු ලැබූහ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා  වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පිළිගැනිමේ උත්සව සංවිධානය කොට තිබුණි.


මෙම තරුණ කන්ඩායමේ සහභාගිත්වයෙන් විලේගොඩ ඉතා දුෂ්කර මාර්ගයක් ප‍්‍රතිසංස්කරණය කිරිමද සිදු කල අතර  යාපනය හා මාතර දිස්ත‍්‍රික්කයේ තරුණ කන්ඩායම් අතර සුහද ක‍්‍රිකට් තරගයක්ද පැවත්විනි. මෙම තරුණ හුවමාරු වැඩ සටහනේදි මාතර දිස්ත‍්‍රික්කයේ විවිධ කාර්මාන්ත ශාලා නැරඹිමේ අවස්ථාවද මොවුනට උදා වූහ. කතරගම ඇතුළු ආගමික හා වැදගත් ස්ථාන නැරඹිමෙන් අනතුරුව වැලිගම ලොඞ්ස්ටාර් කාර්මාන්ත ශාලාවේ පැදුරු පාටිය යාපනය තරුණ කන්ඩායමට නවමු අන්දැකිමක් වූහ. 
තවත් විස්තර සහ සේයා රූ පහතින්

read more

0 comments:

හම්බන්තොට දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල

, by Sri Lanka Youth News


හම්බන්තොට දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල මේ මස 20 හා 21 දිනව, හුංගම,හාතාගල නිල්වලා ආනන්ද විදුහලේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
 ඔක්තෝබර් 20 දින පෙ.ව 9.00ට ආරම්භ වන සාහිත්‍ය උළෙලේ ප්‍රධානත්වය දරනු ලබන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා විසිනි.
සාහිත්‍ය දේශන,කෙටි නාට්‍ය, කවිමඩු,වීදි නාට්‍ය,නර්තනාංග හා පොත් සල්පිල්වලින් සාහිත්‍ය උළෙල සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික් සංස්කෘතික අංශය හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක් ව මෙම උත්සවය සංවිධානය කර ඇත.

0 comments:

බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ අරංගේත‍්‍රම් මංගල්‍යය මේ මස 16

, by Sri Lanka Youth News

අමල් සම්පත් සහ සින්දුජා සිවසුබ‍්‍රනියම්ගේ කළඑලි බැසීමේ අරංගේත‍්‍රම් මංගල්‍යය


ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ නර්තනය හැදෑරූ අමල් සම්පත් සහ සින්දුජා සිවසුබ‍්‍රනියම්ගේ කළඑලි බැසීමේ අරංගේත‍්‍රම් මංගල්‍යය මේ මස 16 දින සවස 3.30 බෙල්වුඞ් රංගශලාවේදි පැවැත් වේ. මෙය ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නිතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.


මෙහි විශේෂත්වය වනුයේ සිංහල තරුණයෙකු හා ද්‍රවිඩ තරුණියක් අරංගේත‍්‍රම් මංගල්‍ය හරහා කලඑළි බැසීමයි.ඔවුන් ශිල්පය හදරා ඇත්තේ නර්තන විශාරද රුක්මා බටුවිට මහත්මිය යටතේ වන අතර මෙහි පූර්ණ සංවිධාන කටයුතු බෙල්වුඞ් නිකේතනාධිපති කරුණාරත්න විජේවර්ධනයන් විසින් සිදු කරයි.


Photographs by Ranjana Sarath Kumara

0 comments:

2011 යෞවන ක‍්‍රීඩා උළෙලේ විශේෂතා රැසක්

, by Sri Lanka Youth News


23 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල මෙම මස 27,28,29,30 යන දිනයන්හිදි දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතී.එමෙන්ම පැවති යෞවන ක‍්‍රීඩා උළෙලවල් හා සැසදීමේදි මෙවර පැවැත්වෙන යෞවන ක‍්‍රීඩා උළෙල සුවිශේෂි වෙයි.
ඒ මෙවර ක‍්‍රීඩා උළෙලේදි සමස්ත ශුරතාවය දිනා ගන්නා දිස්ත‍්‍රික්කයට මුදලින් රුපියල් ලක්ෂ එක හමාරක්ද,අනු ශුරතාවය සදහා රුපියල් ලක්ෂයකුත් ,තරගාවලියේ දි ජාතික මට්ටමේ තරග වාර්ථාවක් මුලින්ම බිද හෙලන ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට නවීනතම මෝටර් රථයක් ත්‍යාග ලෙස හිමි වේ.
එමෙන්ම 2010 දක්වා පැවති යෞවන ක‍්‍රීඩා උළෙලවල් සදහා ඇතුලත් කර නොතිබු බාස්කට් බෝල්,කඹ ඇදීම,ඇවිදීම වැනි තරග ඉසව් රාශියක් 2011 ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලට ඇතුලත් කර ඇත.
                                                                                                                                   චාරක මධුරජීව

1 comments:

'ආදරණීය මැදගෙදර' සංගීත සැදෑව

, by Sri Lanka Youth News



















ප‍්‍රවීන ගායන ශිල්පී සෝමසිරි මැදගෙදරයන්ගේ දශක තුනක ගී වසන්තය වෙනුවෙන් පැවැත්වූ 'ආදරණීය මැදගෙදර' සංගීත සැදෑව පසුගිය ඔක්තෝබර් 9 වන දින මහරගම ශ‍්‍රී ලංකා යූත් රංග ශාලාවේදී,ගරු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.සෝමසිරි මැදගෙදරයන්ගේ 'පහන් වැටක්' ගී සමුච්චය ද මෙහිදී එළිදැක්විණි.සෝමසිරි මැදගෙදරයන්ගේ ආදරණීය දියණිය සහ ආදරණීය පුතණුවන් ද මෙහිදී ගීත ගායනා කිරීම විශේෂත්වයක් විය.ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා ඇතුලු සභා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්,දේශපාලනඥයින්,කලාකරුවන් සහ විශාල රසික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී  වී සිටියහ.

 Photographs by Ranjana Sarath Kumara
තවත් සේයා රූ බලන්න

read more

0 comments:

ජාතියක් වශයෙන් මැයට දිය යුතු දඩුවම කුමක්ද?

, by Sri Lanka Youth News

ජාතියක ගෞරවණීය අභිමානය විදහා දක්වන ජාතික ධජය තන පටක් බවට පත් කරගත් මෙවැනි දේශදෙ‍්‍රා්හී මර`ගනුන්ද සිටිති......................

0 comments:

රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණුව ලැබූ ශිෂ්‍යාවක් මියයයි

, by Sri Lanka Youth News


රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ පාසල් ශිෂ්‍යාවක් මියගොස් තිබේ.
පොල්ගහවෙල, රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් පුහුණුව සඳහා පැමිණ සිටි ඉරේෂා සඳමාලි නමැති පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් මෙසේ මියගොස් ඇත.
පසුගිය දෙවැනි දින සිට එම පාසලේ ශිෂ්‍යභට කණ්ඩායමක් රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු පාසලේ පුහණුවකට සහභාගී වී ඇත. 
එහිදී හදිසියේ රෝගාතුර වූ අදාළ ශිෂ්‍යාව අඹගහපෑලැස්ස රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම ශිෂ්‍ය භට කණ්ඩායම විසිර යාමේ උත්සවය අද(07)පැවැත්වීමට නියමිතව තිබිණි.


මියගිය ශිෂ්‍යාවගේ වයස අවුරුදු 15 කි. පශ්චාත් මරණ පරීක්ෂණය අද(07) දින පැවැත්වෙන අතර හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

0 comments:

තහනම් මල කොළඹට එන අලුත්ම ක‍්‍රමය

, by Sri Lanka Youth News


ගංජා යනු සාමාන්‍ය භාවිතයට තහනම් වූ, වෙදකමේදී භාවිතයට ගන්නා ලොකු පොඩි පන්තීන් අතර ජනප‍්‍රිය වූ මත්ද්‍රව්‍යයකි.වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධයක් වුවද, මත්ද්‍රව්‍යක් ලෙස භාවිතයේදී ප‍්‍රතිපල භයානකය.ගංජා වල වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම හා එහි ඇති බියකරු කම ගැන සටහන් කිරීමක් නොවෙයි මේ. නමුත් මේ සැරසෙන්නේ ගංජා කොළඹට ගෙනෙන අලුත්ම ක‍්‍රමය ගැන පුංචි සටහනක් තැබීමටයි.


නීතියෙන් තහනම් වූ ගංජා විවිධ ක‍්‍රම ඔස්සේ දිවයිනේ  ඕනෑම නගරයකදී විවිධ මිළ ගණන් යටතේදී මිළදී ගැනීමට හැකියාව ඇත.එසේ මිළදී ගැනීමට හැකියාවක් ඇති ගංජා දිවයින පුරා නීතියට හොරෙන්  බෙදි හැරීමට සූක්ෂම උපක‍්‍රම භාවිත කරයි.කුමන උපක‍්‍රම භාවිත කළත් කලින් කලට භාවිත කරන උපක‍්‍රම නීතියේ රැහැනට කොටුවේ.නීතියට හසුවන්න හසුවන්න ගංජා බෙදාහරින ව්‍යාපාරිකයින් තම උපක‍්‍රම වෙනස් කරයි.වැඩි වශයෙන් ගංජා හේන් පිහිටා ඇත්තේ උඩවළව, තණමල්විල, ඇල්ල, වැල්ලවාය හා ලංකාවේ දකුණු දිග හා ඌව පළාතේ වනාන්තර ආශී‍්‍රතවයි.
read more

0 comments:

දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හෙට හම්බන්තොට දී ඇරඹේ

, by Sri Lanka Youth News


දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හෙට(8)සිට 14 දින දක්වා හම්බන්තොට වෙරළ තීරයේ පැවැත්වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා සංගමයේ සභාපති, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහත්වරුන්ගේ හා විදේශ රාජ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භක උළෙල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.


මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ඉන්දියාව ,නේපාලය,භූතානය,පාකිස්ථානය,ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින යන දකුණු ආසියාතික රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.
වොලිබෝල්, නෙට්බෝල්, කබඩි, පාපන්දු, පැසිපන්දු, හෑන්ඩ් බෝල්, කායවර්ධන,ඔරු පැදීම, පිහිනුම්, බර ඉසිලීම, බීච් අශ්ව ක්‍රීඩා සහ තුන් ඉසව් මලල ක්‍රීඩා එහි දී පැවැත්වේ.

0 comments:

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට රජ‍යේපියවර

, by Sri Lanka Youth News


ජාතික පොලිස් අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට රජ‍ය පියවර ගෙන ඇත. ඒ සඳහා වන ජාතික පොලිස් අභ්‍යාස ආයතන පනත් කෙටුම්පත ඊයේ (06)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
 ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
උසස් පුහුණුව සහ අධ්‍යාපනය තුළින් පොලිස් නිලධාරීන්ගේ වෘත්තීමය දැනුම සහ නිපුණතාව සංවර්ධනය කිරීමට කැප වු ස්ථිර ජාතික පොලිස් අභ්‍යාස ආයතනයක් ස්ථාපනය කිරීම මෙම යෝජිත පනත් කෙටුම්පතේ අරමුණ වී ඇත.
ස්ථාපිත කිරීමට යෝජිත, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් නීතිය, අපරාධ විද්‍යාව, මහජන ආරක්ෂාව, මහජන සබඳතාව, අපරාධ විමර්ශන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ව වු කරුණු පිළිබඳ ව අධ්‍යනයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.



0 comments:

ඇපල් නිර්මාතෘ ස්ට්වී ජොබ්ස් මිය යයි

, by Sri Lanka Youth News


Steve Jobs............. Goodbye to an Icon!


ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ට්ව් ජොබ්ස් ජීවිතක්ෂයට පත්ව ඇත.ස්ට්වී ජොබ්ස් ඊයේ(05) දිනයේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මිය යනවිට 56 වන වියෙහි පසු විය.
ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය. 
2004 වසරේ සිට ස්ට්ව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ්‍ය හරහා පසුගිය කාලයේ වාර්තා විය.
ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක්(Apple iphone 4S) හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ.




If you would like to share your thoughts, memories, and condolences, please email to applerememberingsteve@apple.com

0 comments: